වින්නඹු මාතාවන් 3000 ක් හිගයි. මාතෘ සෞඛ්‍යයට අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකි යි.
රට පුරා පවුල් සෞඛ්‍ය සේවිකාවන් තුන් දහසක පමණ පුරප්පාඩුවක් පවතින බව, රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන්ගේ සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු මහත්මිය පවසයි.
මේ තත්ත්වය, මාතෘ සෞඛ්‍ය සේවය විධිමත්ව පවත්වාගෙන යාම කෙරෙහි සෘණාත්මක බලපෑමක් ඇති කරන බව ඇය පවසයි.
වාර්ෂිකව රාජ්‍ය සේවයෙන් 12% ක පමණ පිරිසක් විශ්‍රාම යන බවපසන පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනිය, වාර්ෂිකව, පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීන් බදවා ගැනීමක් සිද්ධ නොවන නිසා, පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන්ගේ හිගය විශාල ගැටළුවක් නිර්මාණය කර තිබෙන බවද පවසයි.
සාමාන්‍යයෙන් එක් පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියක්, මව්වරු 1500 ත් 2000 ක් අතර පිරිසකට සේවය කිරීමට කැප වී සිටිති.
එවැනි තත්ත්වයක් තුළ, සෞඛ්‍ය සේවා නිළධාරිනියන් තුන් දහසක හිගය බරපතල තත්ත්වයකි.
මේ තත්ත්වය මත අනාගතයේ දී මාතෘ මරණ අනුපාතය පවා ඉහළ යා හැකි බව, පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය පවසයි.