“විනිවිදභාවය, දේශපාලන ප්‍රතිසංස්කරණ සහ සංහිදියාව යන සෑම කරුණක්ම ඔබේ රටට පැමිණෙන ඇමරිකානු ආයෝජකයන්ට වැදගත්.” සෙනෙට් සභික ක්‍රිස් වැන් හොලන්.

0
58

“විනිවිදභාවය,
දේශපාලන ප්‍රතිසංස්කරණ සහ
සංහිදියාව යන සෑම කරුණක්ම
ඔබේ රටට පැමිණෙන
ඇමරිකානු ආයෝජකයන්ට වැදගත්.”
සෙනෙට් සභික ක්‍රිස් වැන් හොලන්.

ආයෝජකයන් දිරිගැන්වීමට අවශ්‍යනම්, ආයෝජන ක්‍රියාවලිය කඩිනම් කිරීම සදහා “සිංගල් වින්ඩෝ” හෝ “වන් ස්ටොප් ෂොප්” යනුවෙන් හැදින්වෙන සංකල්පය අනුව ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බව, මෙරට සංචාරයක නිරතව සිටින එක්සත් ජනපද සෙනට් සභික ක්‍රිස් වැන් හොලන් මහතා පවසා තිබේ.

ඇමරිකානු සමාගම් කිසියම් රටක ආයෝජනය කරනු ලබන්නේ, අදාල රටේ ආර්ථික තත්ත්වය සහ ස්ථාවරභාවය සම්බන්ධයෙන් ඔවුන් විසින් ම එළැඹෙන නිගමයන් මත පිහිටා බව පවසා ඇති සෙනට් සභික ක්‍රිස් වෑන් හොලන්, ඔවුන්ගේ ආයෝජන සම්බන්ධයෙන් ස්ථාවර භාවයක් සහතික කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ද ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

පද්ධතියේ (සිස්ටම් එකේ) විනිවිද භාවය පිළිබදව ඇමරිකානු ආයෝජකයන් ඉතාමත්ම උනන්දු බවද සෙනෙට් සභික ක්‍රිස් හොලන් මහතා පවසයි.
ඊට අමරතව, සංහිදියාව සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්කර ගන්නා ප්‍රගතිය සම්බන්ධයෙන් ඇමරිකානු ආයෝජකයන් සැලකිලිමත්වන බවද ක්‍රිස් හොලන් මහතා පවසයි.

තෝරා ගත් මාධ්‍යවේදීන් පිරිසක් සමග පැවති වැඩමුළුවක දී සෙනෙට් සභික ක්‍රිස් හොලන් මහතා ඉහත කරුණු දැක්වීම සිදුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six + ten =