‘විපක්ෂයේ වැරැද්දක් නෑ..! හැමදේටම මුල රනිල් රාජපක්ෂ ඩීල් එක.’ සුමන්තිරන්.

0
276

විපක්ෂයේ වැරැද්දක් නෑ..!
හැමදේටම මුල
රනිල් රාජපක්ෂ ඩීල් එක.
සුමන්තිරන්.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනය පිළිගෙන සමගි ජන බලවේගය – ජනතා විමුක්ති පෙරමුණ හෝ ද්‍රවිඩ ජාතික සන්ධානය ආණ්ඩුවේ පාර්ශ්ව කරුවන් නොවීම එම පක්ෂවල වරදක් නොවන බව ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එ.් සුමන්තිරන් පවසයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතා කිරීම හෝ රාජ්‍ය අමාත්‍යවරු 37ක් පත් කිරීම විපක්ෂය විසින් කරන ලද දෙයක් නොවන බව පවසන මන්ත්‍රීවරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැදවුම් නියෝග නිකුත් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බවත් එමෙන්ම අමාත්‍යවරු පත් කිරීමද ඔහුට සිය තනි කැමැත්ත අනුව කළ හැකිදෙයක් බවත් පවසයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විධෘයක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත් ඉක්මනින් මැතිවරණයකට යාමටත් එකගතාවය පළ කර තිබුණි.

පවතින තත්ත්වය තුළ පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍ය බව රනිල් වික්‍රමසිංහ මහතාද ප්‍රකාශ කර තිබුණි. නමුත් ජීවිත කාලයක් පුරා පැවති ඔහුගේ එකම ආශාව වෙනුවෙන් රාජපක්ෂවරු සමග ඩීල් එකකට යාමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

කෙසේ හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් ලබා ගැනීම වෙනුවෙන් විපක්ෂය සටන් කළ යුතුව ඇති බවද මන්ත්‍රීවරයා යෝජනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen + ten =