විපක්ෂය විරුද්ධයි..!
පාස්කු ප්‍රහාරයට අදාල
විමර්ශනවල ප්‍රගතිය ගැන
මන්ත්‍රීවරු දැනුවත් කිරීමේ වැඩමුළුවට
නිලන්ත නොඑයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන කටයුතුවල වත්මන් තත්ත්වය පිළිබදවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුවත් කිරීම සදහා විශේෂ වැඩ මුළුවක් ඊයේ දිනයේ දී පැවති අතර, එම වැඩමුළුව සදහා සහභාගී වීමට සිටි ප්‍රධාන දේශකයෙකු වන, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නිලන්ත ජයවර්ධන මහතා, විපක්ෂයේ විරෝධය හේතුවෙන් එම ඊට සහභාගී වී නැති බව වාර්තා වේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව විකාශය කළ වාර්තා වැඩ සටහනල ඒ සම්බන්ධයෙන් යළි ආන්දෝලනාත්මක තත්ත්වයක් රට තුළ ඇති කළ අතරල ඒ අනුවල හෙට සහ අනිද්දා යන දෙදිනේ දී පාස්කු ප්‍රහාරය සම්බන්ධ විශේෂ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට සැලැසුම් කර තිබේ.
ඊට පෙර, පාස්කු ප්‍රහාරයට අදාලව සිදුවන විමර්ශනවල නවතම තත්ත්වය පිළිබදව මන්ත්‍රීවරු දැනුවත් කිරීම සදහා, මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබේ.