විපක්ෂ දේශපාලන පක්ෂ නියෝජිතියන්ගේ ඉල්ලීම පරිදි
හදිසි නීති රෙගුලාසි කිහිපයක් සංශෝධනය කරයි.
විශේෂ ගැසට් නිවේදනයක් මගින් 2021 ජූලි මාසයේ 18 වන දා ප‍්‍රකාශයට පත් කරන ලද හදිසි නීති රෙගුලාසි කිහිපයක්, ජනාධිපතිවරයා විසින් සංශෝධනයට ලක් කර තිබෙන බව වාර්තා වේ.
පසුගිය සිකුරාදා දිනයේ දී නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනයක් මගින් අදාල සංශෝධන සිදුකර තිබේ.
පසුගිය සතියේ දී විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් ජනාධිපතිවරයා හමු වී කරන ලද ඉල්ලීම් අනුව මෙම සංශෝධන සිදු කර ඇති බව පැවසේ.
අත් අඩංගුවට ගැනීම් සහ රදවා තබා ගැනීම් සම්බන්ධයෙන් නව සංශෝධන කෙසේ බලපාන්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි කිරීමක් සිදුව නැත. ඒ පිළිබදව වාර්තා වූ සැනින් මෙම පුවතට එය එක් කිරීමට අපි පොරොන්දු වෙමු.