‘විමර්ශන අවසන් නෑ. මුදලිගේ යළි ඇතුළට දාන්න…!’ පොලිස් මූලස්ථානය නීතිපතිගෙන් ඉල්ලයි.

0
440

විමර්ශන අවසන් නෑ.
මුදලිගේ යළි ඇතුළට දාන්න…!
පොලිස් මූලස්ථානය නීතිපතිගෙන් ඉල්ලයි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව එල්ල වී තිබුණු ත්‍රස්තවාදී චෝදනාවන්ගෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පෙරේදා දිනයේ දී කටයුතු කලේ ය.

ඒ හා සමගම ඔහුට එරෙහිව පැවති තවත් නඩු තුනක් සදහා ද ඇප නියම වූ බැවින් ශිෂ්‍ය නායක වසන්ත මුදලිගේ ඊයේ දිනයේ දී ඇප ලබා රක්ෂිත බන්ධනාගාරයෙන් නික්ම ගියේ ය.

කෙසේ වෙතත් වසන්ත මුදලිගේට එරෙහිව පැවති ත්‍රස්තවාදී චෝදනාවන්ගෙන් ඔහුව නිදහස් කිරීමට එරෙහිව අභියාචනයක් යොමු කරන ලෙස පොලිස් මූලස්ථානය නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

වසන්ත මුදලිගේට එරෙහිව ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාශය විසින් සිදු කරන විමර්ෂණ අවසන් නොමැති බැවින් මෙසේ ඔහු නිදහස් කිරීමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුත- කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − 2 =