‘විමල්ගේ අල්ලස් නඩුව…!’ විමල්ගේ විරෝධය සම්බන්ධ මහාධිකරණ තීන්දුව පෙබරවාරි 28 වෙනිදා නිවේදනය කරයි.

0
75

‘විමල්ගේ අල්ලස් නඩුව…!’
විමල්ගේ විරෝධය සම්බන්ධ
මහාධිකරණ තීන්දුව
පෙබරවාරි 28 වෙනිදා නිවේදනය කරයි.


උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි ආකාරය රුපියල් ලක්ෂ හත්සිය පනහකට වඩා වැඩි දේපළ ප්‍රමාණයක් උපයාගෙන ඇති බවට චෝදනා කරමින් අල්ලස් හා දූෂණ විරෝධී කොමිසම හිටපු අමාත්‍යවරයෙකු වන විමල් වීරවංශ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

ඔහු විසින් මෙම දේපළ උයාගෙන ඇත්තේ 2009 ජනවාරි පළමුවැනිදාත් 2014 දෙසැම්බර් 31 වන දාත් අතර, අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටිය දී බව අල්ලස් කොමිසම කියයි.

ඔහු සිය සුපිරි නිවස ඉදිකර තිබෙන්නේද මෙසේ ලබා ගත් අල්ලස් මුදලින් බව කොමිසම වැඩිදුරටත් චෝදනා කරයි.

කෙසේ වෙතත්, ඔහුට එරෙහිව අල්ලස් කොමිසම මගින් ගොනුකර තිබෙන චෝදනා පවත්වාගෙන යා නොහැකි බව විමල් වීරවංශ වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් පවසයි.

ඔවුන්ගේ තර්කය වී ඇත්තේ විමල් වීරවංශ මහතා දේශපාලනඥයෙකු මිස රාජ්‍ය නිළධාරියෙකු නොවන බැවින් ඔහුට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන චෝදනා පවත්වාගෙන යා නොහැකි බවයි.

මේ සම්බන්ධයෙන් මහාධිකරණ මතය පෙබරවාරි මාසයේ 28 වන දා ප්‍රකාශයට පත් කරන බව මහාධිකරණය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − 20 =