විරැකියා අනුපාතය ඉහළට. මහබැංකුව කියයි.

0
103

විරැකියා අනුපාතය ඉහළට.
මහබැංකුව කියයි.


රටේ විරැකියා අනුපාතය, 2022 තුන්වන කාර්තුවේ දී 5% දක්වා ඉහළ ගොස් තිබේ.

2022 වසරේ දෙවන කාර්තුව වන විට විරැකියා අනුපාතය පැවතියේ 4.6% ක් වශයෙනි.

කර්මාන්ත අංශයේ සේවා නියුක්තිය 2022 දෙවන කාර්තුවේ දී 27.7% ක් ලෙස පැවති අතර එය 2022 තුන්වන කාර්තුව වන විට 25.9% දක්වා පහත වැටී තිබේ.

සේවා අංශයේ රැකියා නියුක්තිය 46.3% සිට 47.2% දක්වා ඉහළ ගොස් ඇති අතර කෘෂිකාර්මික අංශයේ රැකියා නියුක්තිය 26% සිට 26.9% දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රම බලකායේ සහභාගීත්වය 2022 වසරේ දෙවන කාර්තාවේ 50.1% ක් ලෙස පැවති අතර එය 2022 තුන්වන කාර්තුවේ දී 49% දක්වා පහත වැටී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten − 6 =