‘විරැකියා ගොඩට වැටෙන මනාව අවිපුහුනුව ලැබූ නිරායුධ මිනිසුන්ට කුමක් වේවිද..?’ ජනපති අසයි.

0
349


‘විරැකියා ගොඩට වැටෙන මනාව අවිපුහුනුව ලැබූ නිරායුධ මිනිසුන්ට
කුමක් වේවිද..?’ ජනපති අසයි.


මෙවර අයවැයෙන් ආරක්ෂක අමාත්‍යංශය සදහා වෙන්කර තිබෙන මුදල ඉතා ඉහළ අගයක් ගන්නා බවට චෝදනා එල්ල වී තිබේ. එබැවින් ආරක්ෂක අමාත්‍යංශය සදහා වෙන්කර තිබෙන මුදල් කප්පාදු කරන ලෙස බොහෝ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතී.

පසුගිය සිකුරාදා, කොළඹ විශ්ව විද්‍යාලයේ පැවති වැඩ මුළුවක දී ද ජනාධිපතිවරයා වෙත මෙම යෝජනාව ඉදිරිපත් වී තිබුණි.

ආරක්ෂක වැය ශීර්ෂය කප්පාදු කරන ලෙස යෝජනා කිරීම – සැබැවින්ම එය ක්‍රියාවට නංවනවාට වඩා පහසු දෙයක් යැයි එහිදී ජනාධිපතිවරයා පවසා තිබේ.

ආරක්ෂය වැය ශීර්ෂය රුපියල් බිලියන 50 කි. එම වැය ශීර්ෂය කප්පාදු කිරීමටත් හමුදා භට පිරිස් සංඛ්‍යාත්මකව පහත හෙළීමටත් හැකි නමුත්, එසේ හමුදාවෙන් ඉවත් කරන පිරිස් යොමු කළ හැකි වෙනත් ක්ෂේත්‍රයක් නොමැතිව එය කළ නොහැකි බව ජනාධිපතිවරයා පවසා තිබේ.

අළුත් විරැකියා ගොඩට වැටෙන මනාව අවිපුහුණුව ලැබූ නිරායුධ මිනිසුන්ට කුමක්ද කරන්නේ යැයි ජනාධිපතිවරයා ප්‍රශ්න කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 4 =