‘විරුද්ධමතදාරීන් සිරගත කරමින් යනවානං ඔබට මුළු රටම සිරගත කිරීමට සිදු වේවි..!’ කාදිනල් හිමියෝ කියති.

0
364

‘විරුද්ධමතදාරීන් සිරගත කරමින් යනවානං
ඔබට මුළු රටම සිරගත කිරීමට සිදු වේවි..!’
කාදිනල් හිමියෝ කියති.


විරුද්ධ මත ධාරීන් සිරගත කරමින් යනවානම් මුළු රටම සිරගත කිරීමට සිදුවනු ඇතැයි මැල්කම් රන්ජිත් කාදිනල් හිමියෝ පවසති.

මත්තුමගල දේවස්ථානයේ පැවති පූජාවකට සහභාගී වෙමින් උන්වහන්සේ මේ බව පවසා තිබේ.

පසුගිය වකවානුවේ පැන නැගුණ ජන අරගලයට සහභාගී වූ හාර දහසක පමණ තරුණ පිරිසක් අත් අඩංගුවට ගෙන රදවාගෙන සිටින බවද කාදිනල් හිමියෝ මෙහිදී පවසා තිබේ.

ක්‍රමය වෙනස් කිරීම සදහා අරගල කළ තරුණයන් සමග තමන් සිටින බව පවසන කාදිනල් හිමියෝ ඔවුන් වෙනුවෙන් තමන්වහන්සේ යාඥා කරන බවද පවසයි.

හැකි ඉක්මනින් මැතිවරණයක් අවශ්‍ය බව අවධාරණය කරන හිමියෝ ඊට මැදිහත් වන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four + three =