විශ්‍රාම යන්න එපා කියා රදවා ගත්
විශේෂඥ වෛද්‍යවරු හතකට
වැටුප් හෝ වෙනත් කිසිදු දීමනාවක්
මේ දක්වා ගෙවා නෑ..!
විශ්‍රාම නොයා තවදුරටත් සේවය ලබා දෙන ලෙස, සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කරන ලද ඉල්ලීම මත, යළි සේවය ආරම්භ කළ විශේෂඥ වෛද්‍යවරු හත් දෙනෙකුට, වැටුප් හෝ වෙනත් කිසිදු දීමනාවක් මේ දක්වා ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය අපොහොසත්ව ඇති බව වාර්තා වේ.
මේ වසර තුළ විශේෂඥ වෛද්‍යවරු 69 ක් විශ්‍රාම යාමට නියමිතය. ඉන් විශේෂඥ වෛද්‍යවරු 53 ක් දැනටමත් විශ්‍රාම ගොස් ඇති අතර, යළි සේවය ලබා දෙන්නැයි කරන ලද ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇත්තේ ඉහත කී විශේෂඥ වෛද්‍යවරු හත් දෙනා පමණි.
විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරු යලි සේවය ලබා දීමට පැමිණෙන්නේ නම්, වැටුපත්, විශ්‍රාම වැටුපත් යන දෙකම ඔවුන්ට ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පොරොන්දු වී තිබුණි.