විශ්ව විද්‍යාල තුළට පොලිසිය ඇතුළු වීම..!
ඕනෑම අවස්ථාවක ඕනෑම තැනකට යන්න
පොලිසියට අවසර තියෙනවා – රංගේ බණ්ඩාර.
උපකුලපති කැදෙව්වත් නැතත් විශ්ව විද්‍යාලය
ඇතුළට යන්න පොලිසියට පුලුවන් – වජිර
වෙන රටවල්වල යුනිවර්සිටි පොලිස් කියලා එකක් තියෙනවා – සාගල.
සිසු විරෝධතාවයන් දෙකක් මර්දනය කිරීමේ අවස්ථා දෙකක දී කැරලි මර්දන පොලිසිය අනවසරයෙන් විශ්ව විද්‍යාල පරිශ්‍ර දෙකකට ඇතුළු වීම සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගම් මෙන්ම විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයද සිය අප්‍රසාදය සහ දැඩි විරෝධය ප්‍රකාශ කර තිබුනි.
ඔවුන්ගේ අදහස වී තිබුනේ උපකුලපතිගේ අවසරයකින් තොරව විශ්ව විද්‍යාලය තුළට පොලිසිය හෝ හමුදාව කැදවිය නොහැකි බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් තිදෙනෙකුගේ අදහස් අද වෙළද පොළට නිකුත්ව තිබෙන ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.
පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට පොලිසියට යම් ස්ථානයකට ඇතුළු වීමට විශේෂ අවසරයක් අවශ්‍ය නැති බව එජාප මහලේකම් පාලිත රංගේබණ්ඩාර ගේ අදහසයි. ඔහු හිටපු පොලිස් නිළධාරියෙකි.
එජාප උප සභාපති වජිර අබේවර්ධනද ඊට සමාන අදහසක සිටියි. ඔහු පවසන්නේ විශ්ව විද්‍යාල යනු වෙනම රාජ්‍යයක් නොවන බවයි. එබැවින් උපකුලපතිගේ අවසරය ඇතිව හෝ නැතිව විශ්ව විද්‍යාල පරිශ්‍රයට ඇතුළු වීමට පොලිසියට හැකිය. විශේෂයෙන්ම නීතිය හා සාමය කඩවන අවස්ථාවකදී පොලිසියට එය කළ හැකි ය.
මේ අතර එජාප සභාපති සාගල රත්නායක පවසා ඇත්තේ ලෝකයේ වෙනත් රටවල විශ්ව විද්‍යාල පොලිසි පිහිටුවා ඇති බවයි.
ලංකාවේ ද එවැනි පොලිස් ඒකකයක් පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසූවේ යැයි ද ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ලංකාදීප පුවත්පත මෙම කරුණු හෙළි කර තිබෙන්නේ තිරෙන් එහා නමැති දේශපාලන ලිපිය තුළයි.