විශාල ප්‍රදේශයක් අධිආරක්ෂිත කලාප ලෙස නම් කිරීම පිළිබදව නීතීඥ සංගමයේ කණස්සල්ල.

0
388

විශාල ප්‍රදේශයක්
අධිආරක්ෂිත කලාප ලෙස නම් කිරීම පිළිබදව
නීතීඥ සංගමයේ කණස්සල්ල.


විශාල ප්‍රදේශයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපතිවරයා විසින් ඊයේ නිකුත් කර තිබුණු අති විශේෂ ගැසට් නිවේදනය පිලිබදව ශ්‍රී ලංකා නිතීඥ සංගමය සිය කණස්සල්ල ප්‍රකාශ කර තිබේ.

රාජ්‍ය රහස් පනතට මුවා වී ජනතාව සතු අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ නිදහස මර්දනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය චෝදනා කරයි.

එසේ කරන අතරේ එම නියෝග කඩකරන පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට සහ රදවා තබා ගැනීමට අදාල කුරිරු නීතීන්ද රජය විසින් සම්මත කර ගෙන තිබේ.

අදාල පනත සියුම්ව අධ්‍යයන කිරීමෙන් පසුව ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සදහා ගත යුතු නීතිමය පියවර ගැනීමට තම සංගමය සූදානම් බවද ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − 14 =