විශේෂඥ වෛද්‍යවරයා විදෙස්ගත වෙයි. දිනකට අක්ෂි ශල්‍යකර්ම 200 ක් පමණ සිදු කළ කහවත්ත රෝහලේ අක්ෂි ශල්‍යකර්ම නවතී.

0
1856

විශේෂඥ වෛද්‍යවරයා විදෙස්ගත වෙයි.
දිනකට අක්ෂි ශල්‍යකර්ම 200 ක් පමණ සිදු කළ
කහවත්ත රෝහලේ අක්ෂි ශල්‍යකර්ම නවතී.

විශේෂඥ වෛද්‍යවරයා හදිසියේම විදෙස්ගත වීම හේතුවෙන්, කහවත්ත රෝහලේ අක්ෂි සායනයේ කටයුතු සම්පූර්ණයෙන්ම බිදවැටී ඇති බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.

කෙසේ වෙතත්, අදාල විශේෂඥ වෛද්‍යවරයා විදෙස්ගතව ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසරය මත බව පැවසේ.

කහවත්ත මහරෝහලේ අක්ෂි සායනය සතියට දින හයක් පැවැත් වේ.

කහවත්ත, ගොඩකවෙල, ඕපනායක, පැල්මඩුල්ල, බලංගොඩ සහ වැලිගෙපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත් වන ජනතාව කහවත්ත රෝහලේ අක්ෂි සායනයට පැමිණෙන බවත්, මේ වන විට එම රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවත් පැවසේ.

කහවත්ත රෝහලේ අක්ෂි සායනය තුළ දිනකට අක්ෂි සැත්කම් 150 ත් 200 ත් අතර සංඛ්‍යාවක් සිදු කරන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten − 1 =