‘විසිර යාමට ඉඩ නැති අවකාශයක දී කදුළුගෑස් එල්ල කිරීම ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට විරුද්ධයි..!’ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය.

0
310

‘විසිර යාමට ඉඩ නැති අවකාශයක දී
කදුළුගෑස් එල්ල කිරීම
ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට විරුද්ධයි..!’
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය.

ජාතික ජන බලවේගය විසින් පසුගිය ඉරිදා දිනයේ දී සංවිධානය කරන ලද විරෝධතාවය විසුරුවා හැරීම සදහා පොලිසිය ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් උල්ලංඝණය වන ආකාරයේ ක්‍රමෝපායයන් භාවිතා කර ඇති බවට ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය චෝදනා කරයි.

විශේෂයෙන්ම, විරෝධතාකරුවන්ට විසිර යාම සදහා අවකාශයක් නොමැති අවස්ථාවක ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම බරපතල තත්ත්වයක් බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි.

විරෝධතාවය අතර තුර සිදු වූ මානව හිමිකම් උල්ලංඝණය වීම් සහ විරෝධතාවය සහභාගී වූ එක් විරෝධතාකරුවකු මිය යාමේ සිදුවීම පිළිබදව අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා සිටින ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, වගකිව යුතු සියළු පාර්ශ්වයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවටද අවධාරණය කරයි.

විරෝධතා විසිරුවා හැරීමේ දී පොලිසිය මීට වඩා සංයමයකින් යුතුව කටයුතු කළ යුතුව ඇතැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ විරෝධතා දැක්විමේ අයිතිය පිළිබදව කලාපීය පර්යේෂිකා හරීන්ද්‍රිනී කොරයා මහත්මිය වැඩිදුරටත් පවසා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 5 =