‘වී කිලෝවකට
රුපියල් සියයක සහතික මිලක්…!’
ජනපති නියම කරයි.
වී කිලෝවක් සදහා රුපියල් සියයක සහතික මිලක් ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.
උතුරු පලාතේ අස්වනු නෙලීමේ උත්සවයකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා අදාල බලධාරීන්ට මෙම නියෝගය ලබා දී තිබේ.
වී ගොවිතැන සදහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබා දීමට රජය කටයුතු කළ බැවින් මෙවර අස්වැන්නේ අතිරික්තයක් අපේකෂා කරන බව ජනාධිපතිවරයා පවසයි.
එමෙන්ම ආර්ථික අපහසුතා සහිත පවුල් ලක්ෂ විස්සකට සහල් කිලෝ දහය බැගින් මාර්තු සහ අප්‍රේල් මාසවලදී ලබා දීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පවසා තිබේ.