‘වී කිලෝවකට රුපියල් 100 මදි…!
140 ක් වත් ගොවියාට දිය යුතුයි…!’
ඩඩ්ලි කියයි.
ජනපති විරුද්ධ වෙයි.
වී කිලෝවක් සදහා රජය නියම කර තිබෙන රුපියල් සියයක මුදල ප්‍රමාණවත් නොවන බව ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ගොවියාට සාධාරණයක් ඉෂ්ඨ වීමටනම් වී කිලෝවක් සදහා රුපියල් 140 ක් ගෙවිය යුතු බව පවසන ඩඩ්ලි සිරිසේනම එම මුදල ලබා දිය නොහැකිනම් අවම වශයෙන් රුපියල් 120 ක්වත් වී කිලෝවක් සදහා ගොවියාට ලබා දිය යුතු බවද යෝජනා කරයි.
ජනාධිපතිවරයා සහ සහල් මෝල් හිමියන් අතර පැවති හමුවකදී ඔහු මේ බව පෙන්වා දී ඇතත් ජනාධිපතිවරයා ඔහුගේ එම යෝජනාව පිළි නොගෙන ඇති බව පැවසේ.
වී කිලෝවකට රුපියල් 140 ක මිලක් ලබා දුනහොත් සහල් මිල සාමාන්‍ය පොදු ජනතාවට දැරිය නොහැකි ලෙස ඉහළ යනු ඇතැයි ජනාධිපතිවරයා පවසා තිබේ.
ඒ අනුව මේ වසරේ දී රුපියල් සියයක මිලකට වී මිලදී ගන්නා ලෙසත් ලබන වසරේ සිට වෙනස්වන තත්ත්වයට අනුව කටයුතු කළ හැකි බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.