වෘෂණ කෝෂයක් එක්කෝටි හැට ලක්ෂයයි. බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් බිහිසුණු මිනිස් අවයව ජාවාරමක..!

0
684

වෘෂණ කෝෂයක්
එක්කෝටි හැට ලක්ෂයයි.
බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක්
බිහිසුණු මිනිස් අවයව ජාවාරමක..!

බොරැල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් විසින් සිදුකරමින් සිටින බිහිසුණු අවයව ජාවාරමක් පිළිබදව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මහා පරිමාණ වකුගඩු ජාවාරමක් පිළිබද තොරතුරු සොයා යෑමේ දී වකුගඩුවලට අමතරව වෘෂණ කෝෂ විකිණීමේ ජාවාරමක් පිළිබදව සොයා ගැනීමට ලැබී ඇති බව පැවසේ.

මේ සම්බන්ධයෙන් ලංකාදීප වෙබ් අඩවිය පළකර තිබෙන සම්පූර්ණ වාර්තාව පහතින්.

වකුගඩු අස්සේ කෝෂ ජාවාරමක්.

(නිමන්ති රණසිංහ)

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ඡාලගත වකුගඩු ඡාවාරමට අදාළව එක්කෝටි හැට ලක්ෂයක මුදලකට වෘෂණ කෝෂ විකිණීමේ ඡාවාරමක්  සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙයි.

මහා පරිමාණ වකුගඩු ඡාවාරම සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව සාක්ෂි සටහන් කර ගැනීමේ දී මෙම කරුණු හෙළිවී ඇතැයි එම ආරංචි මාර්ග සදහන් කරයි.

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි තරුණයකුගෙන් එක් වෘෂණ කෝෂයක් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයකට මිලදී ගැනීම සඳහා සියල්ල සුදානම් කර තිබියදී වකුගඩුදායකයින් සඳහා මුදල් නොගෙවීම හේතුවෙන් එම තැනැත්තා සිය වෘෂණ කෝෂය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයි පොලීසිය පවසයි.

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙම වෘෂණ කෝෂ දායකයාට අදාළ රෝහල සම්බන්ධ කර ඇති බවත් සැත්කම සදහා දින නියම කර තිබියදී මුදල් ලබා නොදීම පිළිබද ඇතිවූ සැකය හේතුවෙන් ඊට අකමැති වී ඇති බවත් පොලිසිය සදහන් කරයි.

මෙම වකුගඩු සහ වෘෂණ කෝෂ ඡාවාරම ඡාලගතව සිදුවන එකක් වන අතර, මෙරට සිටින ඡාවාරම්කරුවන් මෙන්ම විදේශීය ඡාවාරම්කරුවන් කිහිප දෙනකුද ඊට සම්බන්ධවී ඇති බවට මේ වන විට කරුණු හෙළිවී ඇති බව ද පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six + ten =