වෛද්‍ය ෂාෆී ෂිහාබ්දීන් නැවතත් කුරුණෑගල ශික්ෂණ රෝහලට
අනුයුක්ත කරයි.
වෛද්‍ය ෂාෆී ෂිහාබ්දීන් මහතා නැවත් කුරුණෑගල රෝහලට අනුයුක්ත කර තිබෙන බව වාර්තා වේ.
ඔහුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා කිසිවක් ඔප්පු වී නැති බැවින්, ඔහු යළි කුරුණෑගල ශික්ෂණ රෝහලට අනුයුක්ත කරන ලෙස රාජ්‍ය සේවා කොමිසන් සභාවේ සෞඛ්‍ය කමිටුව මගින් නිර්දේශ කර තිබේ.
සිංහල මවුවරු දහස් ගණනකට වද සැත්කම් කර ඇති බවට වූ අභූත චෝදනාවක් ෂාෆී ෂිහාබ්දීන්ට එරෙහිව එල්ල වී තිබුණු අතර ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන මාස දෙකකට ආසන්න කාලයක් රදවාගෙන සිටියේ ය.
