“වෛරයේ කඩය වැහුවා. ආදරයේ සාප්පුව විවෘතයි.” කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයෙන් අගමැති මෝදිගේ පක්ෂය පරදා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ රාහුල් ගාන්ධි කියයි.

0
630

“වෛරයේ කඩය වැහුවා.
ආදරයේ සාප්පුව විවෘතයි.”
කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයෙන්
අගමැති මෝදිගේ පක්ෂය පරදා
විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ
රාහුල් ගාන්ධි කියයි.

දකුණුදිග කර්ණාටක ප්‍රාන්තයේ පැවති තීරණාත්මක මැතිවරණයක දී, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ භාරතීය ජනතා පක්ෂය පරදා ජය ගැනීමට ප්‍රධාන විපක්ෂය වන කොන්ග්‍රස් පක්ෂය සමත් විය.

ඔවුන් ලබා ගත් මේ ජයග්‍රහණය ඉදිරි වසරේ පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණය සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තුවක් කොන්ග්‍රස් පක්ෂය තුළ ඇති කරනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

විශේෂයෙන්ම කොන්ග්‍රස් පක්ෂය මෙසේ ජයගෙන තිබෙන්නේ භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධාන බලකොටුවකි.
මැතිවරණයේ දී ආසන 224 න් 130 ක් ජයගැනීමට කොන්ග්‍රස් පක්ෂය සමත්ව තිබේ.

“වෛරයේ කඩය වසා දැමුවා.
ආදරයෙහ් සාප්පුව විවෘත කළා…!”

මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව කොන්ග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි පවසා තිබේ.
ප්‍රාන්ත මැතිවරණය ජය ගැනීම සදහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහත් පරිශ්‍රමයක් දරා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − three =