ශම්මිලා නෙරපා අර්ජුනලාට බලය දීම ගැන ජනාධිපති රනිල් හාන්කවිසියක්වත් දන්නෑ..?

0
1404

ශම්මිලා නෙරපා
අර්ජුනලාට බලය දීම ගැන
ජනාධිපති රනිල්
හාන්කවිසියක්වත් දන්නෑ..?

ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කිරීම සදහා අතුරු පාලන කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා නොදැනුවත් බව වාර්තා වේ.

ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර ඇති බවත්, ඒ වෙනුවට, අර්ජුනගේ ප්‍රධානත්වයෙන් අතුරු පාලන කමිටුවක් පත් කර ඇති බවත් ජනාධිපතිවරයා ද දැනගෙන ඇත්තේ මාධ්‍ය ඔස්සේ ඒ පිළිබදව වාර්තා කිරීමෙන් පසුව බව පැවසේ.

මේ සම්බන්ධයෙන් විමසීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සම්බන්ද කර ගැනීමට දැරූ උත්සායයන් සියල්ල අසාර්ථක වී ඇති බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty + seventeen =