“ශම්මිලා මේ තරම් දූෂිතයි..!” ක්‍රීඩා ඇමති රොෂාන් අයි.සී.සී. සාමාජික රටවල් එකොළහට වෙන වෙනම පැමිණිලි කරයි.

0
4086

“ශම්මිලා මේ තරම් දූෂිතයි..!”
ක්‍රීඩා ඇමති රොෂාන්
අයි.සී.සී. සාමාජික රටවල් එකොළහට
වෙන වෙනම පැමිණිලි කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුව ඇති බවට පැවසෙන දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කර තිබෙන විගණන වාර්තාවල පිටපත් ද සමගින්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අයත් සාමාජික රටවල් සියල්ලටම, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ලිපියක් යොමු කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දූෂිත ආයතනයක් බවට චෝදනා කරන අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමන්ට පැවරී ඇති බලතල අනුව කටයුතු කිරීම ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බාධා කරමින් සිටින බවටද චෝදනා කරයි.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජික රටවල් සියල්ල වෙන වෙනම දැනුමත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා මාධ්‍ය වෙත නිකුත් කර තිබෙල ලිපිය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × three =