ශවේන්ද්‍රට එරෙහි
චෝදනා මෙන්න…!
පසුගිය වසරේ මැයි නමවනදා දීප ව්‍යාප්තව ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිලී යාමෙන් පසුව එම ප්‍රචණ්ඩත්වය පාලනය කිරීමට නොහැකි වූ සැබෑ හේතු විමසා බැලීම සදහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ කමිටුවක් පත්කර තිබුණු.
එම කමිටුව විසින් නිකුත් කර තිබෙන වාර්තාව තුළ එවකට හමුදාපතිව සිටි ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව පහත කරුණු සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
2022 මාර්තු මාසයේ 31 වන දා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරියට රැස් වූ දහස් ගණනක විරෝධතාකරුවන් විසුරුවා හැරීම සදහා කටයුතු නොකර ඇති බවට එවකට හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව එල්ල වී ඇති එක් චෝදනාවකි.
ආරක්ෂක ලේක්මවරයා විසින් යුද නාවික හා ගුවන් හමුදාපතිවරුන්ට තත්ත්වය පිළිබදව වාර්තා කර තිබෙන අතර නාවික හා ගුවන් හමුදාපතිවරු ඊට ක්ෂණිකව ප්‍රතිචාර දැක් වූ නමුත් යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා ක්ෂණිකව ක්‍රියාකාරීවීම අතපසුකර ඇති බව විශේෂ කමිටුව පවසයි. හදිසි තත්ත්වයකට කටයුතු කළ යුතු ආකාරය පිළිබදව පෙර සැලැස්මක් තිබියදී මෙම මගහැරීම සිදුකර තිබෙන බවට චෝදනා වේ.
මැයි නම වන දා ගෝඨාගෝගමට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට හමුදාපතිවරයා මැදිහත් නොවූ බවටද චෝදනා එල්ල වී තිබේ. විශේෂයෙන්ම බේරේ වැව අවට සිදුවෙමින් පැවති ප්‍රචණ්ඩ ක්‍රියා වළක්වන ලෙස මෙන්ම අරලියගහ මන්දිරය ඉදිරියේ රැස්ව සිටි පිරිස් විසුරුවා හැරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා දිගින් දිගටම උපදෙස් ලබා දී තිබියදීත් හමුදාපතිවරයා ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බව වාර්තා වේ. විශේෂයෙන්ම හමුදාපතිවරයා කිසිදු මැදිහත් වීමක් එකී ප්‍රචණ්ඩත්වයන් වළක්වාලීමට සිදුකර නොමැතිව ඇත්තේ හාරදහස් පන්සියයක පමණ හමුදා බල ඇණියක් කොළඹ නගරය තුළ රැදී සිටිය දී ය.
ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිවරයා අරලියගහ මන්දිරය ඉදිරියට රැස්ව සිටි විරෝධතාකරුවන් විසුරුවා හැරිම සදහා හමුදා භට පිරිස් යොදවා ඇත්තේ මැයි මාසයේ 10 වන දා හිමිදිරි පාන්දර දෙකට පමණ බව පැවසේ. අරලියගහ මන්දිරය තුළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විශාල පිරිසක් දැඩි ජිවිත අවදානමකින් සිටිය දී ත් හමුදාපතිවරයා හමුදා භට පිරිස් යොදවා පිරිස විසුරුවා හැරීමට ඒ තරම් කාලයක් ප්‍රමාද කිරීම හමුදාපතිවරයාට එල්ල වී තිබෙන ප්‍රදාන චෝදනාවකි.
2022 මැයි 22 වන දා පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් හමුදාපතිවරයා ඔහුට එරෙහිව ඒ වන විටත් එල්ල වී තිබුණු වගකීම් පැහැර හැරීමේ චෝදනාවන්ගෙන් නිදහස් වීමට උත්සාහ දරා තිබේ. ඒ මැයි නම වන දා ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබදව සොයා බැලීම සදහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇති බව දැන දැනම ය.
අරලියගහ මන්දිරයේ සිරවී සිටි මහින්ද රාජපක්ෂ, ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ අනෙක් පිරිස් මුදා ගැනීම සදහා හමුදාපතිවරයා කිසිදු කඩිනම් පියවරක් ගෙන නැත. හාරදහස් පන්සියයක පමණ විශේෂ භට පිරිසක් කොළඹට කැදවා තිබුනු නමුත් එවකට අග්‍රාමාත්‍යවරයා වූ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස මුදා ගැනීමට ඔවුන් යෙදවීම හමුදාපතිවරයා විසින් දිගින් දිගටම ප්‍රමාද කර ඇත. එසේ කර ඇත්තේ කොළඹට කැදවා තිබුණු හමුදා බල ඇණි අතර ගුවන් භටයන් පවා සිටිය දී ය.
මැයි නමය ප්‍රචණ්ඩත්වය පිළිබදව සොයා බැලීම සදහා ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කළ කමිටුව හමුදාපතිවරයාට එරෙහිව ඉහත චෝදනා ගොනු කර තිබෙන අතර ඔහු සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවටද යෝජනා කර තිබේ.