ශෂී වීරවංශගේ අභියාචනය සලකා බැලීම අද නොවේ හෙට.

0
57

ව්‍යාජ තොරතුරු ලබා දී විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවට එල්ල වූ චෝදනාවට වරදකරු වී අවුරුදු දෙකක සිරදඩුවමකට ලක්ව සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ විසින්, ඇයට එරෙහිව ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන අභියාචනය අද දින නොව, හෙට දිනයේ විභාගයට ගැනීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ශශී වීරවංශ විසින් පසුගිය සිකුරාදා දිනයේ දී අභියානය ඉදිරිපත් කර තිබුණු අතර, සදුදා, එනම් අද දිනයේ දී අභියාචනය විභාගයට ගන්නා බව දැනුම් දී තිබුණද, එය හෙට දක්වා කල් ගොස් තිබේ.

ශෂී වීරවංශට එරෙහිව තීන්දුව ලබා දුන් අවස්ථාවේ දී හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ, මෙවැනි තීන්දුවකට එරෙහිව එක් දිනක් තුළ දී ම ඇප ලබා ගැනීමේ හැකියාව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − thirteen =