ශ්‍රී ලංකාවට පක්ෂව රටවල් හයයි. මෙතෙක් සහාය දුන් මැදපෙරදිග රටවල් අහක බලා ගනී.

0
3434

ශ්‍රී ලංකාවට පක්ෂව
රටවල් හයයි.
මෙතෙක් සහාය දුන්
මැදපෙරදිග රටවල්
අහක බලා ගනී.

ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව පරාජය කිරීමේ හැකියාව කිසිසේත්ම ශ්‍රී ලංකාවට නැති බව වාර්තා වේ.

නවතම අනුමානයන්ට අනුව යෝජනාවට එරෙහිව එනම් ලංකාවට පක්ෂව ඡන්දය දෙනු ඇත්තේ රටවල් හයක් පමණක් බව ඩේලි මිරර් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කරයි.

ලංකාවට එරෙහිව යෝජනාව සදහා සම අනුග්‍රාහකත්වය සපයනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදය – එක්සත් රාජධානිය – කැනඩාව -ජර්මනිය – මලාවි – මොන්ටිනීග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාවයි.

සාම්ප්‍රදායකිව ලංකාවට පක්ෂව ඡන්දය දුන් රුසියාව සහ බංග්ලාදේශය යන රටවල් සදහා මෙවර ඡන්ද බලය අහිමි වී තිබේ.

ඉන්දියාව සහ නේපාලය ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබෙන පැවසේ.

එසේම ලංකාවට පක්ෂව ඡන්දය දුන් මැදපෙරදිග රටවල් ද මෙවර ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබෙන බව පුවත්පත වාර්තා කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලංකාවට එරෙහිව යෝජනාව ඔක්තෝබර් හය හෝ හත ඡන්ද විමසීම සදහා ඉදිරිපත් කිරීමට නියමිත ය.

විදේශකටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මේ වන විටත් ජිනීවා බලා පියාසර කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × four =