ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය; චීනය අතහැර පොදු එකගතාවයකට ඒමට ලංකාවේ අනෙක් ණය හිමියෝ සූදානම් වෙති.

0
610

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය;
චීනය අතහැර පොදු එකගතාවයකට ඒමට
ලංකාවේ අනෙක් ණය හිමියෝ සූදානම් වෙති.

ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගේ කමිටුවේ ඇතැම් සාමාජිකයන්, චීනයේ සහභාගීත්වයෙන් තොරව, ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාලව එකගතාවයකට පැමිණීමට සූදානම් වන බව, බ්ලූම්බර්ග් වාර්තා කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු නියෝජිතයන් ලබන මාසයේ මොරොක්කෝවේ දී හමුවීමට නියමිත අතර, එම හමුවේදී, එක්සත් ජනපදය, ජපානය සහ ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය හිමියන් ශ්‍රී ලංකාව සමග ගිවිසුම් ගත විය යුතු යැයි, ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගේ කමිටුවේ සාමාජිකයන් පවසති.

ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය පරිමාවෙන් 10% ක පමණ ප්‍රතිශතයක් ලබාගෙන තිබෙන්නේ චීනයෙනි. කෙසේ වෙතත්, චීනය, ලංකාවේ නිල ණය හිමියන්ගේ කමිටුවේ සාමාජිකයෙකු නොවේ.

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී, චීනය අනෙකුත් ණය හිමියන් සමග පොදු එකගතාවයකට පැමිණීමට මැලිකමක් දක්වන අතර, ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගේ කමිටුව, චීනය අතහැර පොදු එකගතාවයට පැමිණීමට මෙසේ උත්සාහ කරමින් සිටින්නේ, ලංකාවේ ණය සම්බන්ධයෙන් චීනය සමග එකගතාවයකට පැමිණීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති නිසාද යන්න අපැහැදිලි ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 + six =