ශ්‍රී ලංකාව
මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන්
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්
අසාදු ලේඛනගත කර තිබෙන රටවල්
42 න් එකකි..!
මානව හිමිකම් උල්ලංඝණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් රටවල් 42 ක් අසාදු ලේඛනගත කර තිබෙන අතර ශ්‍රී ලංකාව එම රටවලින් එකක් ලෙස නම් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සමස්ත රටවල් සංඛ්‍යාව 193 කි.
ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ තත්ත්වයට පිරිහෙලා ඇත්තේ මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන්ට එරෙහිව රජය යොදවා ඇති මර්දනය ගණනය කිරීමෙනි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අසාදුලේඛනගත කර තිබෙන රටවල් 42 අතරට ඉන්දියාව-බංග්ලාදේශය- වියට්නාමය – චීනය – – කියුබාව – එක්සත් අරාබි එමීර් රාජ්‍යය – කොංගෝව – මාලදිවයින ආදී රටවල්ද අයත් වේ.