ශ්‍රී ලංකාව ලොව සුරක්ෂිතම ගමනාන්ත 13 අතරට එක් වෙයි.

0
323

ශ්‍රී ලංකාව ලොව සුරක්ෂිතම ගමනාන්ත
13 අතරට එක් වෙයි.

ශ්‍රී ලංකාව ලොව සුරක්ෂිතම ගමනාන්ත 13 අතරට එක්ව තිබේ.

ලොව පුරා තනිව සංචාරය කරන සංචාරකයන්ට විශේෂයෙන්ම කාන්තාවන්ට ඇති ආරක්ෂාව පිළිබදව අවධානය යොමු කරමින් මෙම ගමනාන්ත 13 නම් කර තිබේ.

වර්ල්ඩ් පැකර් වෙබ් අඩවිය මේ බව වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ රට තුළ දේශපාලන ස්ථාවරභාවය අඛණ්ඩව පවත්වාගෙන යා හැකි නම් තවත් මාස හයක් ත-ුළ රට නැවත ගොඩ ගත හැකි වේයැයි තමන් බලාපොරොත්තු වන බවයි.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සමගාමීව කටාර් එයාර්වේස් ගුවන් සේවය දෛනිකව අතිරේක ගමන් වාරයක් ලංකාවට පැමිණීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසී ය.

වෙබ් අඩවිය නම් කර තිබෙන ලොව සුරක්ෂිතම ගමාන්ත 13 පහතින්.

  1. Iceland
  2. Switzerland
  3. Denmark
  4. New Zealand 
  5. Canada
  6. Spain
  7. Portugal
  8. Ireland
  9. Japan
  10. Finland
  11. Austria
  12. Sri Lanka
  13. Rural UK 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × three =