ශ්‍රී ලංකාව වෙනුවෙන්
අනෙකුත් රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට
චීනය සූදානම්…!
ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සදහා අනෙකුත් ණය හිමියන් සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව චීනය පවසා තිබේ.
චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක Zhao Lijian පවසා ඇත්තේ ලංකාව මුහුණ දී සිටින දුෂ්කරතා සහ අභියෝග පිළිබදව චීනය දැඩි අවධානයෙන් පසුවන බවයි.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහාය දෙන ලෙස ජපාන මුදල් අමාත්‍යවරයා ලංකාවට ණය ලබා දී ඇති සියළු රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේ ය.
චීන විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකරවරයා ඉහත ප්‍රකාශය සිදුකරන ලද්දේ ජපාන මුදල් අමාත්‍යවරයාගේ එම ඉල්ලීමෙන් පසුවයි.