ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ,
එංගලන්තයට එරෙහිව
පළමු තරගාවලි ජයග්‍රහණය
වාර්තා කරයි.
තරග තුනකින් සමන්විත විස්සසි විස්ස තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගැනීමත් සමග,
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම, එංගලන්තයට එරෙහිව පළමු තරගාවලි ජයග්‍රහණය ඊයේ වාර්තා කලේ ය.
පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම, පන්දුවාර දහනමය කදී සියල්ලන් දැවී ලකුණු 116 ක් ලබා ගෙන තිබුණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, පන්දුවාර දා හතකදී කඩුළු තුනක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේ ය.