ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබියදීත් ශානි සමග අත්අඩංගුවට ගත් එස්.අයි සුගත් මෙන්ඩිස්ගේ වැටුප නොගෙවයි..!

0
183

ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබියදීත්
ශානි සමග අත්අඩංගුවට ගත්
එස්.අයි සුගත් මෙන්ඩිස්ගේ වැටුප
නොගෙවයි..!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සමග අත් අඩංගුවට ගනු ලැබූ පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතාගේ වැටුප ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුනද එම නියේගය අනුව රාජ්‍ය සේවා කොමිසම කටයුත-ු කර නැති බව පැවසේ.

උපපොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතාට ඔහුගේ හිග වැටුප ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙන්නේ මැයි මාසයේ 18 වැනිදා ය.

වාස් ගුණවර්ධන නමැති පොලිස් නිළධාරියා නීතියේ රැහැනට හසුකර ගැනීම සදහා ශානි අබේසේකර කුමන්ත්‍රණය කළ බවට සාක්ෂියක් දෙන්නැයි තමන්ට බලපෑම් එල්ල වූ බවත් තමන් බලපෑමට යටත් නොවූ නිසා අත් අඩංගුවට පත් වූ බවත් උපපොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා පවසා තිබුණි.


සුගත් මෙන්ඩිස් මහතා මාස එකොළෙෘහක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 3 =