ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එනතෙක් විදුලිය නොකපන බවට විදුලිබල මණ්ඩලය පොරොන්දු වෙයි.

0
114

විදුලි කප්පාදුවට එරෙහිව
මානව හිමිකම් කොමිසම දැමූ නඩුව
අද කැදවයි..!
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එනතෙක්
විදුලිය නොකපන බවට
විදුලිබල මණ්ඩලය පොරොන්දු වෙයි.

උසස් පෙළ විභාගය අවසන් වන තෙක් විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙස ලබා දුන් නිර්දේශය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ලංකා විදුලි බල මණ්ඩලයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

එම නඩුව අද දිනයේ දී කැදවූ අතර නඩුවේ තීන්දුව ලැබෙන තෙක් විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු වී තිබේ.

අද කැදවූ නඩුව හෙට දිනය දක්වා කල්තැබූ බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − nine =