ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව බරපතලයි. හෙලිකොප්ටරයට නගිනවානං ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉවත්වන්න. ඩලස් පිල මෛත්‍රීගෙන් ඉල්ලයි.

0
207

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව බරපතලයි.
හෙලිකොප්ටරයට නගිනවානං
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉවත්වන්න.
ඩලස් පිල මෛත්‍රීගෙන් ඉල්ලයි.

පාස්කු ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීමට අදාලව පසුගිය දා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු කිහිප දෙනෙකුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුව, අළුතින් බිහිකරන ලද නිදහස් ජනතා පෙරමුණ තුළ කිසියම් ආතතියක් නිර්මාණය වී තිබේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස් ජනතා පෙරමුණේ එක් ප්‍රධාන හවුල්කරුවකු වන අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් හිටපු ජනාධිපති කටයුතු කිරීම ගැටළුවක් බවක් සන්ධානයට සම්බන්ධ පාර්ශ්ව රැසක අදහස වී ඇත්තේ.

ඒ අනුව ඩලස් අලහප්පෙරුම ඇතුළ ජ්‍යේෂ්ඨ නායකයන් කිහිප දෙනෙකු පසුගිය දිනෙක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉවත්වන ලෙස ඉල්ලා ඇති බව පැවසේ.

ඒ නමුත්, ඒ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකග වී ඇති බවක් වාර්තා නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 − 3 =