ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටු පෑ පොලිස්පතිට සිතාසි..!

0
231

සැකකරුවන් පොලිස් අත්අඩංගුවේ සිටියදී මියයාම…!

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටු පෑ
පොලිස්පතිට සිතාසි..!

පොලිස් අත් අඩංගුවේ පසුවන සැකකරුවන් පොලිසියෙන් පිටතට රැගෙන යන අවස්ථාවල මරණයට පත්වීම වැලැක්වීම සදහා සුදුසු මාර්ගෝපදේශ පද්ධතියක් සකස් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයට අනුව කටයුතු නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා අප්‍රේල් තුන් වන දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පොලිස්පතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් සිතාසි නිකුත් කර තිබේ.

පොලිස් අත් අඩංගුවේ පසු වූ සිය සැමියාගේ මරණය සම්බන්ධයෙන් වී. ෂර්මිලා නම් කාන්තාව විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදී? අදාල මාර්ගෝප දේශ පද්ධතිය සකස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර තිබුණි.

නමුත් එම නියෝගය අනුව පොලිස්පතිවරයා මේ දක්වා කටයුතු කර නැත.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට සිතාසි නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − 2 =