ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්
පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැදවීම
ශ්‍රී ලංකා නීතීඥ සංගමය හෙලා දකියි.
පලාත් පාලන මැතිවරණය සදහා පසුගිය අයවැයෙන් වෙන් කළ මුදල් මුදා හරින ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝණය වන බව පවසමින්, එකී නියෝගය ලබා දුන් විනිසුරුවරුන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට කැදවීමට ගෙන තිබෙන තීන්දුව තම සංගමය දැඩි ලෙස හෙලා දකින බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පාර්ලිමේන්තුවේ බලතල හෝ වරප්‍රසාද හෝ උල්ලංඝණය වී නැති බවද නීතීඥ සංගමය පවසයි.
අධිකරණය ස්වාධීන ආයතනයක් බව පවසන නීතීඥ සංගමය, අධිකරණ නියෝගයක් සම්බන්ධයෙන් වෙනත් පාර්ශ්වයකට හේතු දැක්වීමට අධිකරණය බැදී නොසිටින බවද එම නිවේදනයේ සදහස් කර තිබේ.
අධිකරණ ක්‍රියාවලියට සිදුකරන ඕනෑම මැදිහත් වීමක් භයානක පූර්වාදර්ශයක් සපයන බව පවසන ශ්‍රී ලංකා නීතීඥ සංගමය, එවැනි මැදිහත් වීම තම සංගමය දැඩිව හෙලා දකින බවද පවසයි.