‘ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු පාර්ලිමේන්තුවට කැදවා ප්‍රශ්න කිරීම සුදුසුද කියා ප්‍රවේශමෙන් සලකා බලන්න…!’ එංගලන්තයේ හා වේල්සයේ නීතීඥ කවුන්සිලය.

0
267

‘ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු
පාර්ලිමේන්තුවට කැදවා ප්‍රශ්න කිරීම සුදුසුද කියා
ප්‍රවේශමෙන් සලකා බලන්න…!’
එංගලන්තයේ හා වේල්සයේ නීතීඥ කවුන්සිලය.

පලාත් පාලන මැතිවරණය පසුගිය මාර්තු නම වනදා පැවැත්වීමට නියමිතව තිබුණි.
ඒ නමුත් එදින මැතිවරණය පැවැත්වීමට නොහැකි විය.

ඊට හේත-ුව වූවේ අයවැයෙන් පලාත් පාලන මැතිවරණය සදහා වෙන්කර තිබුණු මුදල් ඒ සදහා මුදා හැරීමට මුදල් අමාත්‍යංශය කටයුතු නොකිරීමයි.

මැතිවරණයට එල්ල වන බාධා සම්බන්ධයෙන් සමගි ජනබලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගිය අතර ශ්‍රේෂ්ඨාධිකරණය, මැතිවරණය සදහා වෙන් කළ මුදල් මුදා හරින ලෙස මුදල් අමාත්‍යංශත්‍ය් ලේකම්වරයා වෙත නියෝග කළේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ එම නියෝගය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තමන්ගේ වරප්‍රසාද උල්ලංඝණය කර ඇති බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මන්ත්‍රීවරයා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කලේ ය. කතානායකවරයා, මන්ත්‍රීවරයාගේ එම වරප්‍රසාද ප්‍රශ්නය, වරප්‍රසාද කමිටුවට යොමු කරන බව පැවසී ය.

ඊට පසු දිනෙක මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසා සිටියේ වරප්‍රසාද කමිටුව හමුවට අදාල විනිසුරුවරු කැදවා විමර්ෂණය කරන තෙක්, මැතිවරණය පැවැත්වීමට අදාල කටයුතු සිදු නොකරන ලෙස සියළු පාර්ශ්වයන්ට කතානායකවරයා විසින් දැනුම් දිය යුතු බවයි.

මෙම සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් එංගලන්තයේ සහ වේල්සයේ නීතීඥ කවුන්සිලය සිය අවධානය යොමු කර තිබේ.

අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කිරීම සියළුම රාජ්‍ය හා අනෙකුත් ආයතනවල යුතුකම වන්නේ යැයි අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන පිළිගැනීමකි. එමෙන්ම අධිකරණ ක්‍රියාවලියට ඇගිලි ගැසීම් නොකළ යුතු බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි. මේ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ සිදුවන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔවුන් දක්වන ප්‍රතිචාරයක් වශයෙන් එංගලන්තයේ සහ වේල්සයේ නීතීඥ සංගමය යළි උපුටා දක්වයි.

නීතියේ ආධිපත්‍යය සදහා අධිකරණයේ ස්වාධීනත්වය අත්‍යවශ්‍ය බව එම සංගමය පවසයි.

මේ සියළු කරුණු සිහිපත් කරමින් එංගලන්තයේ සහ වේල්සයේ නීතීඥ සංගමය පවසන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවක් ඉදිරියට කැදවා ප්‍රශ්න කිරීමට ගෙන තිබෙන තීරණය පිළිබදව අදාල බලධාරීන් නැවතත් සලකා බැලිය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen + three =