ශානිගේ ආරක්ෂාව තර කිරීමට
පොලිස්පති එකග වෙයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කරන බව පොලිස්පතිවරයා විසින් අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.
තමන්ට ලබා දී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නැති බව පවසමින් ශානි අබේස්කර මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ පවරා තිබුණු රිට් පෙත්සම කැදවූ අවස්ථාවේ දී පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම දැනුම් දීම සිදුකර තිබුණි.
එමෙන්ම අවශ්‍ය නම් ශානි අබේසේකර මහතාට ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් පදිංචි ස්ථානය මාරු කිරීමට අවසර ලබා දිය හැකි බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දී තිබේ.