ශානි නෙරපා දැමීමෙන් පසුව සී.අයි.ඩීයට පත් කළ එක් අධ්‍යක්ෂවරයෙක් රුපියල් ලක්ෂ 75 ක වංචාවක..!

0
46

ශානි නෙරපා දැමීමෙන් පසුව
සී.අයි.ඩීයට පත් කළ
එක් අධ්‍යක්ෂවරයෙක්
රුපියල් ලක්ෂ 75 ක වංචාවක..!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකරයෙකු වූ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් අධිකරණය භාරයේ තිබුණු රුපියල් ලක්ෂ 75 ක මුදලක් දූෂිත ආකාරයෙන් මුදාගෙන වංචාවක් සිදුකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ දිනයේ දී දැනුම් දී තිබේ.

අදාල වරද ඔහු විසින් 2022 ජනවාරි මාසයේ 28 වන දා සිදුකර ඇතත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකක අධිකරණයට දැනුම් දී ඇත්තේ ඊයේ දිනයේ දී ය.

උණ්ඩියල් ක්‍රමයට නීතිවිරෝධී අයුරින් මුදල් හුවමාරු කිරීම සම්බන්ධයෙන් නයිජීරියානු ජාතිකයන්පි රිසකට එරෙහි නඩුවකදී අසත්‍ය වාර්තා ඉදිරිපත් කරමින්අ ධිකරණය නොමග යවමින් ලබාගත් රුපියල් ලක්ෂ 75ක මුදලක්සැ කකරුවන්ට මුදාහැරීම පිළිබඳව විමර්ශනය ආරම්භ කළ බව
ද පොලිසිය අතිරේක මහෙස්ත්‍රාත් වෙත දන්වා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු කීර්තිමත් අධ්‍යක්ෂකවරයෙකු වූ ශානි අබේසේකර මහතා 2020 ජනවාරි මාසයේ එම තනතුරෙන් නෙරපා දමා වැඩ තහනමට ලක් කරන ලදී.

ඉන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරය සදහා ගෝඨාභය රාජපක්ෂ පාලනය කිහිප දෙනෙකුම පත් කළ අතර චෝදනා එල්ල වී තිබෙන අධ්‍යක්ෂකවරයා එසේ පත් වූ එක් අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 5 =