ශානි, පොලිස්පතිගෙන් දේශබන්දුගෙන් නීතිපතිගෙන් සහ තවත් නිළධාරීන් දෙදෙනෙක්ගෙන් බිලියනයක වන්දියක් ඉල්ලයි.

0
1628

ශානි,
පොලිස්පතිගෙන් දේශබන්දුගෙන් නීතිපතිගෙන්
සහ තවත් නිළධාරීන් දෙදෙනෙක්ගෙන්
බිලියනයක වන්දියක් ඉල්ලයි.

තමාගේ කීර්තිනාමයට සිදුකළ හානිය වෙනුවෙන්, රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ශානි අබේසේකර මහතා විසින්, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නීතිපති සහ අපරාධ අංශයේ පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත සහ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා යන අයට එරෙහිව එන්තරවාසි යවා තිබේ.

විශේෂයෙන්ම ජගත් නිශාන්ත සහ නෙවිල් සිල්වා යන පොලිස් නිළධාරීන් දෙදෙනා, තමාගේ කීර්තිනාමයට හානි කිරීමට හිතාමතාම කටයුතු කළ බව, ශානි අබේසේකර චෝදනා කරයි.

ශානි අබේසේකර, ඔහුගේ නිර්දෝශීභාවය තහවුරු කිරීම සදහා ඉදිරිපත් කරන ප්‍රකාශ නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීම, මෙම පොලිස් නිළධාරීන් දෙදෙනා හිතාමතාම පැහැර හැර තිබේ.

2021 ජූනි 16 වන දා, අභියාචනාධිකරණය, ශානි අබේසේකරට ඇප ලබා දෙමින්, ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා ගොතන ලද ඒවා බව පැහැදිලිවම ප්‍රකාශ කර තිබිය දී ත්, ඉහත පොලිස් නිළධාරීන් දෙදෙනා, ශානීගේ කීර්ති නාමයට හානි කිරීම අත්හැර තිබුනේ නැත.

අවසානයේ දී, 2023 අගෝස්තු මාසයේ දී, අදාල නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය. එම අවස්ථාවේ දීත්, පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත, එම තීන්දුව යළි සලකා බලන ලෙස ඉල්ලා තිබුණි.

මෙම පොලිස් නිළධාරීන් දෙදෙනා රාජකාරී කරන ලද්දේ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ බස්නාහිර පලාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත දේශබන්දු තෙන්නකෝන් යන අය යටතේ වන බැවින් එම දෙදෙනාද තමන්ගේ කීර්තිනාමයට හානි කිරීම සදහා මැදිහත් වී ඇතැයි එන්තරවාසිරියේ සදහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven − 9 =