ශිරන්ති රාජපක්ෂ;
ඉරානයේ පැවති
ජාත්‍යන්තර කාන්තා සමුළුවකට
සහභාගී වෙයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉරානයේ පැවැත්වෙන ජාත්‍යන්තර කාන්තා සමුළුවකට සහභාගී වී තිබේ.
ඉරාන රජයේ ආරාධනය මත ඇය මෙම සමුළව සදහා සහභාගී වී ඇති බවයි පැවසෙන්නේ.
සමුළුව පවත්වා ඇත්තේ විවිධ රටවල හිටපු ජනාධිපතිවරු – අගමැතිවරු සහ මැති ඇමතිවරුන්ගේ බිරින්දෑවරුන්ගේ සහභාගීත්වයෙනි.
බටහිර අප්‍රිකානු රටක්වන බුර්කිනා පැසෝ රාජ්‍යය, කිර්ගිස්ථානය, සර්බියාව, ගිනියාව, නයිජීරියාව, සිරියාව සහ ආමේනීයාව ඇතුළු තවත් රටවල් කිහිපයක හිටපු රාජ්‍ය නායකයන්ගේ බිරින්දෑවරු මෙම සමුළුවට සහභාගී වී තිබේ.