‘ශිෂ්‍ය නායකයන්ට එරෙහි
ත්‍රස්ත චෝදනා
වහා ඉවත් කරන්න..!’
ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල්
බලධාරීන්ට බලකරයි.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විදශ්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු පූජ්‍ය සිරිධම්ම හිමි යන අයට එරෙහිව ගොනුකර තිබෙන ත්‍රස්ත චෝදනා වහා ඉවත්කරගන්නා ලෙස ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය රජයට බල කර සිටියි.
ත්‍රස්ත පනත යටතේ අත් අඩංගුවට ගත් ශිෂ්‍ය නායකයන් දෙදෙනා මේ වන විට දින අනූවකට ආසන්න කාලයක් රදවාගෙන සිටියි.
ඔවුන්ට එරෙහිව එල්ල කර තිබෙන ත්‍රස්ත චෝදනා වහා ඉවත්කර ගන්නා ලෙස බලකර සිටින ක්ෂමා සංවිධානය ඔවුන්ගේ රැදවුම් කාලය තව දුරටත් දීර්ඝ නොකරන ලෙසටද රජයට බල කරයි.
සුළු ජාතීන් සහ විකල්ප මත දරන්නන් මර්දනය සදහා ශ්‍රී ලංකා රජය ත්‍රස්ත පනත යොදා ගන්නා බවට චෝදනා කරන ජාත්‍යන්තර ක්ෂමා සංවිධාය එම පනත ලෝකයේ මානව හිමිකම් අගයන කිසිදු රටක් පිළි නොගන්නා බවද සදහන් කරයි.
ශිෂ්‍ය නායකන් දෙදෙනාගේ ආරක්ෂාව පිළිබදවත් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදවත් නීතී=යන් සහ පවුලේ සාමාජිකයන් විසින් සිදු කර තිබෙන ප්‍රකාශ පිළිබදව තම සංවිධානයේ අවධානය යොමු වී ඇති බවද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි.