ශිෂ්‍ය නායකයා සහ අත්අඩංගුවට ගනු ලැබූ ශිෂ්‍ය භික්ෂූන් ඇප මත මුදාහරියි.

0
57

ශිෂ්‍ය නායකයා සහ
අත්අඩංගුවට ගනු ලැබූ ශිෂ්‍ය භික්ෂූන්
ඇප මත මුදාහරියි.


අධ්‍යාපන අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා කරමින් පසුගිය 23 වන දා අත්අඩංවට ගනු ලැබූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 61 නම ඇප මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.

වසා දමා තිබුණු පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය පළමු වසර සිසුන් සදහා පමණක් පෙබරවාරි මාසයේ 27 වන දා විවෘත කරන බවට එහි උපකුලපති මහාචාර්ය නෙලුවේ සුමනවංස හිමියන් ප්‍රකාශ කිරීමෙන් පසුව ඊට විරෝධය පා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා උද්ඝෝෂණයක නිරත විය.

අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ලා අධ්‍යාපන අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වන්නේ ද එම උද්ඝෝෂණයේ ම දිගුවක් ලෙසයි.

සියළු සිසුන් සදහා එකවර පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය විවෘත කළ යුතුය යන්නේ ඔවුන්ගේ ඉල්ලීම වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 − eight =