ෂි යෑන් 06 ලංකාගමනය;
චීනය ඔක්තෝබර් අග ඒමට අවසර ඉල්ලයි.
ලංකාව, නොවැම්බර් 25 පහු වී එන්න කියයි.
ෂී යෑන් 06 නෞකාව ඔක්තෝබර් මාසයේ මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර ඉල්ලා සිටියද, එම කාලය, නොවැම්බර් මාසයේ 25 වන දාට පසුවට යොදාගන්නා ලෙස රජය චීනයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා දෙරණ 360 සදහා සහභාගී වෙමින් මේ බව පැවසී ය.
රට තුළ ජාත්‍යන්තර සමුළු කිහිපයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බැවින්, එම සමුළු අවසන් වූ පසුව නැව මෙරට මුහුදු සීමාවට භාර ගැනීමට සූදානම් බවයි අමාත්‍යවරයා පවසන්නේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කර තිබෙන නොවැම්බර් 25 වන දා නමැති දිනයට චීනය සිය එකගතාවය පළ කර තිබේද නැද්ද යන්න අමාත්‍යවරයා පැහැදිලි කලේ නැත.