සජබ පී හැරිසන් ජනපතිගේ දෑත් ශක්තිමත් කිරීමට එක් වෙයි.
සමගි ජන බලවේගයේ ඉදිරිපෙළ නායකයෙකුවන පී හැරිසන්, ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීම සදහා එක්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව, තමන්, සමගි ජන බලවේගය තුළ දැරූ සියලු තනතුරුවලින් ඉවත්වන බව ඔහු නිවේදනය කර තිබේ.
අනුරාධපුරයේ දී මාධ්‍යවේදීන් ඇමතූ පී හැරිසන්, පක්ෂ නායක සජිත් ප්‍රේමදාස යනු දැක්මක් නැති නායකයෙකු බව පැවසී ය.
තවත් දෙපෝයක් යාමට මත්තෙන් සජබ නායකයන් රැසක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වීමට නියමිත බවද එහිදී ඔහු පවසා සිටියේ ය.
පැවැත්වීමට නියමිතව තිබුණු ප්‍රාදේශීය සභා මැතිවරණය සදහා සජබයෙන් නාම යෝජනා ඉදිරිපත් කළ අපේක්ෂයන් සිය දෙනෙකු පමණ, ඔහුත් සමගම එක්සත් ජාතික පක්ෂයට යළි එක්ව තිබේ.