සජීවී රූපවාහිනී විකාශය මධ්‍යයේ ඉන්දියාවේ එක් කුප්‍රකට මැර දේශපාලඥයෙකු වෙඩි තබා ඝාතනය කරයි..!

0
1321

සජීවී රූපවාහිනී විකාශය මධ්‍යයේ ඉන්දියාවේ එක් කුප්‍රකට මැර දේශපාලඥයෙකු වෙඩි තබා ඝාතනය කරයි..!

පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි ඉන්දීය දේශපාලනඥයෙකු, වෛද්‍ය පරීක්ෂණයක් සදහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යමින් සිටිය දී, මාධ්‍ය වේදීන් ලෙස පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධියෙන් එකී දේශපාලනඥයා මෙන්ම ඔහුගේ සහෝදරයාද මියගොස් තිබේ.

අතීක් අහමඩ් නමැති එම දේශපාලනඥයා 2004 වසරේ සිට 2009 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

පුද්ගලයෙකු පැහැර ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහු අත් අඩංගුවට ගෙන සිටියද, ඔහුට එරෙහිව පුද්ගල ඝාතන චෝදනාද ඇති බව පැවසේ.

අතීක් අහමඩ්ගේ නව යොවුන් වියේ පුත්‍රයාද මීට දින කිහිපයකට පෙර පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් ඝාතනය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − 12 =