සනත් නිශාන්ත
අධිකරණයට භාර වෙයි.

0
398

සනත් නිශාන්ත
අධිකරණයට භාර වෙයි.


අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ලබා සිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා නීතීඥවරයෙකු මාර්ගයෙන් අභියාචනාධිකරණයට භාර වී තිබේ.

පොදු ජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අධිකරණයට සහ විනිසුරුවරුන්ට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු කරන ලදැයි චෝදනා කරමින් පාර්ශ්ව කිහිපයක් විසින් රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අභියාචනාධිකරණය හමුවෙ පෙත්සම් ගොනු කර තිබුණි.

ඒ පිළිබදව කරුණු දැක්වීම සදහා අද දිනයේ අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට රාජ්‍ය අමාත්‍යවරයාට නියෝග කර තිබුණු අතර ඔහු අධිකරණය මග හැර තිබුණු බැවින් අත් අඩංගුවට ගන්නා ලෙස අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 1 =