සනත් නිශාන්ත අධිකරණයට අපහාස කළාද..?
විමර්ෂණයක් සිදු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්
සී.අයි.ඩීයට නියෝග කරයි.
පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ඊයේ දිනයේ ඔහු සහභාගී වූ මාධ්‍ය හමුවේ දී අධිකරණය සහ විනිසුරුවරු සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශය පිළිබදව විමර්ෂණයක් අරඹන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක් සිදු වූ බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කර තිබුණි.
ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවේ සංස්කරණය නොකරන ලද වීඩියෝ පට ලබා ගන්නා ලෙසත් අධිකරණයට අපහාසයක් වන ආකාරයේ ප්‍රකාශයක් මන්ත්‍රීවරයා විසින් කර තිබේද යන්න පිළිබදව විමර්ෂණයක් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.