“සනත් නිශාන්ත බිල ගෙව්වා කිව්වත් ගෙවන්න බිලක් තිබ්බේ නෑ..!” නාමල් තාමත් කියයි.

0
746

“සනත් නිශාන්ත බිල ගෙව්වා කිව්වත්
ගෙවන්න බිලක් තිබ්බේ නෑ..!”
නාමල් තාමත් කියයි.

නාමල් ළිමිණී විවාහ මංගලෝත්සවය වෙනුවෙන්, එම විවාහ මංගලෝත්සවය පැවති කාල්ටන් නිවසට සැපයූ විදුලිය වෙනුවෙන්, රුපියල් ලක්ෂ විසි හයකට වඩා වැඩි මුදලක්, ලංකා විදුලි බල මණ්ඩලයට අය විය යුතුව තිබුණු අතර, එම මුදල ඊයේ දිනයේ දී, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් ගෙවා දමන ලදී.

කෙසේ වෙතත්, අද දක්වා, එවැනි විදුලි බිලක් තමාගේ හෝ තම පියාගේ නමට එවා නැති බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.

සනත් නිශාන්ත මහතා විසින් මේ වන විට අදාල විදුලි බිල ගෙවා දමා ඇති බැවින්, එම ගෙවූ බිලේ පිටපතක් හෝ ඔහුට ලැබී ඇද්දැයි මාධ්‍යවේදීන් ඇසූ විට නාමල් රාාජපක්ෂ විමසා සිටියේ, බිල නොලැබුණු තමන්ට බිලේ පිටපතක් ලැබී ඇති පලේ කුමක්ද කියා යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven + nine =