සඳගල සොරා ගැනීමේ සිද්ධියට
පොහොට්ටු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
රක්ෂිත බන්ධනාගාරගත කරයි.
කුණ්ඩසාලේ උඩමළුව පුරා විද්‍යා රක්ෂිතයේ තිබුණු සඳගල නමින් හදුන්වන පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්මාරකය සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීම සදහා සොයමින් සිටි, කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සාලිය පෙරේරා තවත් පුද්ගලයෙකු අද දිනයේ පොලිසියට භාර වී ඇති බවත්, පසුව ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් වාර්තා වේ.
සඳගල සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් ගණන හතරකි.
තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා සොයමින් සිටින බව වාර්තා වේ.
කෙසේ වෙතත් මේ දක්වා සොරා ගැනීමට ලක් වූ සඳගල සොයා ගැනීමට නොහැකි වී තිබේ.