“සභාගැබේ සිදුවීම්
ජංගම දුරකථනයෙන් පටිගත කිරීම සහ
සමාජ මාධ්‍යයට මුදා හැරීම
මන්ත්‍රීවරුන්ට තහනම්…!” කතානායක නියෝග කරයි.
සභාගැබේ සිදුවීම් ජංගම දුරකථනයෙන් පටිගත කිරීම සහ එම වීඩියෝ සමාජ මාධ්‍යයට මුදා හැරීම, තමන්ට තිබෙන බලතල අනුව තහනම් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
රට බංකොලොත් කිරීම සම්බන්ධයෙන් ගෝඨා, මහින්ද, බැසිල් යන රාජපක්ෂවරුනුත්, තවත් නිළධාරීන් කිහිප දෙනෙකුත් වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේ දී, ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු ඔහුට බාධා කිරීම සදහා සභා ගැබ මැද්දට පැමිණි අතර, නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා එම අවස්ථාව සිය ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර සිය නිල ෆේස්බුක් ගිණුමට මුදා හැර තිබුණි.
කතානායකවරයාගේ තහනම් නියෝගය පැමිණෙන්නේ එම සිදුවීමට පසුවයි.